/ Feb 05, 2025

“ඇල්බට්වරුද මනුෂ්‍යයෝය”

alberts-are-mwns

තරිඳු ශ්‍රී ලොකුගමගේ කියන්නෙ, පොතක් ලියනකම් පාඨකයො බලා ඉන්න ජාතියෙ ලේඛකයෙක්. ලංකාවෙ සාහිත්‍ය සමාජය හොල්ලලා දාන්න සමත් වුණු “ජීවිතයේ ඔයිල් පැල්ලම්” නවකතාවෙන් පස්සෙ ඔහු පළ කරන පොත තමයි මේ, “ඇල්බට්වරුද මනුෂ්‍යයෝ ය” කියන පොත.

තරිඳුගෙ ඔයිල් පැල්ලමත් අපේ රටේ බලපත්‍රලාභී සමහර සම්මාන කමිටුවල අපෝ වුණා. තමන්ගෙ කෝවට බස්ස ගන්න බැරි බොහෝ කෘතිවලට වෙන ඉරණම ඔයිල් පැල්ලමටත් සිදු වුණා. ඒක ඒ අය ගත්තෙ නිකම් පිසදා දැමිය යුතු මජං පැල්ලමක් වගේ.

ඇත්තටම එක ආකාරයකට මේ ජීවිතයේ ඔයිල් පැල්ලම් කෘතිය ඉංග්‍රිසි භාෂාවෙන් පළ වෙලා ජාත්‍යන්තරයට ගියා නම්, ෂෙහාන් කරුණාතිලකගෙ චයිනමන් වගෙ ජයග්‍රහණ අත්කර ගන්නා එකක්.

ලංකාවෙ සාහිත්‍යයේ මෙතෙක් භාවිත නොකළ උපමා-රූපක-බස් ප්‍රයෝග ආදී සාහිත්‍ය සෙල්ලං බොහොමයක් මෙහි අනිවාර්ය අන්තර්ගතයක් ලෙස ඇති බවට සැකයක් නෑ.

කොහොම වුණත්, තරිඳු කියන්නෙ විස්මිත ලේඛකයෙක්. “ඇල්බට්වරුද මනුෂ්‍යයෝ ය”, පොත් කියවන අය අනිවාර්යයෙන් කියවන්න ඕන පොතක්. කිසි විචිකිච්ඡාවක් නැතුව රෙකමදාරු කරන්න පුළුවන් ලේඛකයෙක් තරිඳු ශ්‍රී ලොකුගමගේ කියන්නෙ.

ඉදිරියේදී කෘතිය ගැන කතාබහක් කරන්නට අදහස් කරමින්, ඇල්බට්වරුද මනුෂ්‍යයෝය වෙනුවෙන් අපි තරිඳුට සුබ පැතුම් ගෙන එනවා!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top