/ Apr 20, 2025

සූර්ය බලශක්තියට රජයෙන් තවත් පහරක්!

Another blow from the government to solar energy!

වහලවල් මත සවි කරන සෝලාවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ නිර්දේශවලට අනුව සංශෝධනයන් සිදු කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව බලශක්ති අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී සවි කෙරෙන සෝලා සඳහා දැනට ගෙවන රුපියල් 27 මුදල රුපියල් 19 දක්වා රුපියල් 8කින් අඩු කෙරනු ඇත.

කිලෝවොට් 20ට අඩු උත්පාදනය කරන සෝලා පද්ධති සඳහා ඒකකයකට රුපියල් 19ක ගෙවීම සිදුකරන අතර කිලෝවොට් 20ත් 100ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් ද කිලෝවොට් 100ත් 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක මුදලක් ද ගෙවීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සෝලා පද්ධති සඳහා අදාළ නොවන අතර නව සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් මෙම සංශෝධනයන් සිදුකිරීමට යෝජිතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top