ව්‍යාජ ලෙස සකස් කරන ලද කැනඩා වීසා යොදාගෙන එරටට පලා යෑමට උත්සාහ කළ පුද්ගලයන් 11ක් සහ ඔවුන්ගේ තැරැව්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.
මෙම පිරිස ඊයේ (24) රාත්‍රී අත්අඩංගුවට ගන්නා විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියද ලබා සිට ඇති අතර ඊයේ රාත්‍රී ඩුබායි බලා පිටත්වීමට තිබූ ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් පසුව කැනඩාවේ ටොරොන්ටෝ වෙත යෑමට සැලසුම් කර තිබී ඇත.
කෙසේ වෙතත් මෙම පිරිස අතර ව්‍යාපාරිකයන්, රජයේ සේවකයන් සහ මෑතකදී පිටරට සිට පැමිණි අයවළුන්ද සිටීම විශේෂත්වයකි.