/ Mar 22, 2025

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයෙන් තවත් වාර්තාවක්

UNHRC- NEW REPORT

එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව ‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව අදාළ වාර්තාව ඊයේ (03) දිනයේ ඉදිරිපත් කර තිබේ.

එක්සත් රාජධානියට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව අදාළ වාචික වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

පසුගිය වසරේ පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය මෙම වාර්තාව මඟින් ඇගයීමට ලක්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉඩම් ආපසු ලබාදීම,‍ සංහිඳියාව ඇතිකිරීම, මාර්ග බාධක ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර ප්‍රජාවට අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදි සිය ප්‍රශංසාව ඇති කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය ගෙනයන ක්‍රියාමර්ගවලට සහාය ලබාදෙන අතර එම නීතී ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සිදුවිය යුතු බව ද අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top