කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ සැකකරු විසින් විශේෂඥ වෛද්‍යවරයාට පහර දී තිබුණි.
තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වන විට කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි.
සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.