/ Mar 22, 2025

රනිල්ට වැඩ වරදී: බටලන්ද වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට!

මෙම සතියේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස කියා සිටියේ ය.

88-89 දී තරුණයන් මර්දනය පිණිස වධ හිංසක ස්ථානයක් ලෙස බටලන්ද නිවස්නය භාවිතා කිරීම සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කොමිසමේ වාර්තාව පැවති රජයන් විසින් දිගින් දිගටම අතපසු කළ අතර පසුගිය දා අල්-ජසීරා සමඟ රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා කරන ලද සාකච්ඡාවේදී නැගුණු ප්‍රශ්න මතින් එය නැවත කරලියට පැමිණියේ ය. බටලන්ද වධකාගාරයේ මූලිකයෙක් ලෙස එවක කර්මාන්ත ඇමැති සහ කැළණිය ආසනයේ සංවිධායක වූ රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා ක්‍රියා කළ බව කියැවුණු අතර ඔහු බටලන්ද කොමිසම ඉදිරියේදී සාක්ෂි දෙනු ලැබීය.

කෙසේ වෙතත් අල්-ජසීරා සාකච්ඡාවේදී අදාළ කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බැවින් එය පිළිගත නොහැකි බව හිටපු ජනපතිවරයා දිගින් දිගටම කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top