වැටුප් වැඩි කිරීමේදී තෝරාගත් වෘත්තිකයන්ට පමණක් වැටුප් වැඩි කිරීම මගින් සෞඛ්‍ය සේවාවේ වැටුප් අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ නොදෙන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලා සිටියි.
සෞඛ්‍ය වෘත්තිකයන් දීර්ඝ කාලයක් තිස්සේ වැටුප් සහ දීමනා විෂමතාවය නිවැරදි කරන ලෙස පැවති රජයන්ගෙන් ඉල්ලීම් කර අතර ඒ සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගවල යෙදෙමින් සාකච්ඡා කරමින් ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කළ නමුත් ඒ සම්බන්ධව නිසි විසඳුමක් මේ වන තෙක් සෞඛ්‍ය වෘත්තිකයන්ට ලබාදී නැති බවයි එම සන්ධානය පෙන්වා දෙන්නේ.
එවන් පසුබිමක මේ වනවිට ඉදිරියේදී රාජ්‍ය සේවය තෝරා ගත් වෘත්තික කණ්ඩායම් වලට පමණක් වැටුප් විෂමතා නිවැරදි කිරීමට උත්සාහන කරන බවක් ප්‍රකාශ වී තිබෙන බවත් මේ තත්ත්වයත් සමඟ සෞඛ්‍ය වෘත්තිකයන් නැවතත් නොසන්සුන්තාවයට පත්ව තිබෙන අතර නැවත වරක් එවන් වැටුප් සංශෝධනයක් සිදුකර සෞඛ්‍ය වෘත්තිකයන් තුල ගැටලු ඇති නොකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය දැනුම් දෙයි.