තමන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ තමන් ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයක යෙදී සිටින බවත් එම සංචාරය සඳහා මුදල් යෙදවූයේ තම පෞද්ගලික මුදල් බවත්ය.
එමෙන්ම පෙබරවාරි 20 වෙනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.