බජාජ් ත්‍රිරෝද රථ මෙරටට ආනයනය කරන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම මෙරට පොදු ජනතාවගේ වාහනය ලෙස සැලකෙන ත්‍රිරෝද රථ ආනයනය සඳහා ඇනැවුම් බාර ගැනීමේ දැන්වීම් පළ කර තිබේ.

එහිදී වැට් බදු රහිත බ්‍රෑන්ඩ් නිව් තත්වයේ ත්‍රිරෝද රථයක මිල ලෙස ලක්ෂ 17කට ආසන්න මුදලක් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ගණන් බැලීමේදී වැට් බදුත් සහිතව අලුත්ම ත්‍රිරෝද රථයක මිල රුපියල් ලක්ෂ 20ක් පමණ වනු ඇති බවයි පෙනී යයි.
අය-වැය පරතරය පියවා ගැනීම සඳහා වාහන ආනයන බදු උපයෝගී කර ගැනීමට ආණ්ඩුව අදහස් කර තිබුණද, මෙවැනි ගණන්වලට නව වාහන මිලට ගැනීමට පොදු ජනතාවට හැකියාවක් නැති බවයි බොහෝ දෙනා පවසති.