ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 3ක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.
අදාළ ඖෂධ තොගය ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයකින් ඊයේ (28) දිනයේ කොළඹ වෙත එවා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසයි.
සිය සමාජ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට සහාය වීමට ඉන්දියාව අඛණ්ඩව කැපවී සිටින බවයි.






