/ Mar 22, 2025

දේශබන්දු සොයා CIDය සාගලගේ කාර්යාලයට කඩා පනී

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ මාතර, මොරවක පිහිටි කාර්යාලය පරීක්ෂා කර ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් එම ස්ථානයේ දේශබන්දු තෙන්නකෝන් සිට නොමැති බව සඳහන්.

හිටපු පොලිස්පතිවරයාව දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි.

කෙසේ නමුත් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස එම ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් සිය නීතීඥයන් මාර්ගයෙන් රිට් පෙත්සමක් ගොනු කර තිබූ අතර එහි තීන්දුව එළඹෙන 17 වැනිදා ලබා දීමට නියමිතය.

එවන් පසුබිමක ඔහුව සොයා පොලිස් පරික්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top