පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එහි තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා දිනයක් නියෝග කර තිබේ.
ඒ අනුව එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.
මාතර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් සිය නීතීඥයන් මාර්ගයෙන් එම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.