අද (10) අලුයම කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සිදු වූ බස් ගැටුමෙන් මිය ගිය සිව් දෙනා අතර අනතුරට හේතු වූ බසයේ කොන්දොස්තරවරයාද සිටින බව වාර්තා වේ.
දොරටියාව පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ, එක් බස් රථයක් මාදුරුඔය සිට කොළඹටත් අනෙක කදුරුවෙල සිට කුරුණෑගලටත් ගමන් කළ බවයි.
කෙසේ වෙතත්, තුවාළ ලැබූ 20කට අධික පිරිසක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදු කර පළා ගිය බස් රථ රියදුරු වෑයමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එකට ගැටුණු බස් රථයේ පොදියක් ලෙසින් මගීන් සිරව සිට ඇති අතර ඔවුන් ගලවා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුව තිබුණි.
අනතුර සිදුවුණ මාර්ගයේ බස් රථ ගමනාගමනය අධිවේගී ලෙස සිදු කරන බව ඒ අතර බොහෝ පිරිස් පවසති. සුදු යකඩ උපාංග නිසා අද සිදුවූ අනතුරත් තීව්‍ර වී ඇති බව සඳහන් වී තිබේ.