/ Aug 01, 2026

රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය!

රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවා තිබේ.

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණින් එලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර නැවත දැනුම්දෙනතුරු එම බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් රැඳවියෙක් මියගොස් තවත් රැඳවියන් 05 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මේ වන විට තත්ත්වය පාලනය කා ඇති නමුත් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව නිරීක්ෂණය කිරීම සඳහා බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානයක් යොදවා ඇති බව ගුවන් හමුදාව පවසයි.

ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බන්ධනාගාර පරිශ්‍රය වෙත පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.

ගැටුම සැලවීමත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය අසලට රස වූ අතර ඔවුන්ද යම් කලහකාරී ලෙස හැසිරී තිබුණු බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top