ඩෙංගු රෝග ව්‍යාප්තිය අවදානම් මට්ටමකට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ වෙතින් වාර්තා වේ. ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
දෛනිකව ඩෙංගු රෝගීන් 600-650ක් පමණ වාර්තා වෙන මට්ටමක් දක්නට ඇති බවත් එය දිගින් දිගට පැවතුණහොත් රෝහල් ධාරිතාව ඉක්මවා බරපතළ අවදානමකට රට පත්විය හැකි බවත් සෞඛ්‍ය අංශ ඒ අතර අවධාරණය කරයි. ඩෙංගු රෝගය නිසා මේ වන විට මරණ 28ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව එය දෙගුණයක් බව දැනගන්නට ඇත.
ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකක වාර්තා සඳහන් කරයි.
මේ තත්වය ජනතාව මේ දක්වා බැරෑරුම්ව ගෙන නොමැති බව අවධාරණය කරන සෞඛ්‍ය අංශ විවිධ ස්ථානවල ඩෙංගු රෝග වාහක මදුරු කීටයන් තවාන් ලෙසින් සොයාගන්නා බව සඳහන් කරති.
වසංගත තත්වයක් දක්වා ඔඩු දුවා තිබෙන මේ තත්වය පාලනය කර ගැනීමට ජනතාවගේ ක්‍රියාකාරිත්වයෙන් තොරව නොහැකි බව පවසන සෞඛ්‍ය අංශ, තම නිවෙස් සහ පරිශ්‍රවල ඇති මල් පෝච්චි අඩි, හිස් පොල් කටු, ටයර්, ප්ලාස්ටික් කෝප්ප, යෝගට් කෝප්ප, හිස් බෝතල් සහ ටින්. –නිවස ඇතුළත: ගෘහස්ථ මල් පෝච්චි (Indoor plants), ශීතකරණය පිටුපස ඇති වතුර එකතු වන තැටිය (Fridge tray), වතුර එකතු කර තබන බාල්දි සහ බැරල්. –වහල සහ වැහි පීලි: කොළ රොඩු හිරවී වතුර පිරී පවතින වැහි පීලි (Gutters) ආදිය සොයා බලා පිරිසිදු කරන ලෙස ඉල්ලා සිටී.






