/ Jun 21, 2026

ඉරාන නැව පිපිරීමෙන් පසු මත්ස්‍ය අස්වැන්නේ අඩුවක් : රත්ගම ධීවරයන්ගෙන් චෝදනාවක්!

ඉරානයට අයත් අයිරිස් ඩෙනා යුද නැව ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව ගාලු මුහුදේ මත්ස්‍ය සම්පත අඩු වී ඇතැයි ගාල්ල රත්ගම වැල්ලේ ධීවරයෝ පවසති.

ටෝපිඩෝ ප්‍රහාරයෙන් සිදු වූ නෞකා පිපිරීමේදී මාළු බිත්තර හා කුඩා මසුන්ට සිදු වූ විනාශයෙන් මේ තත්ත්වය උද්ගත වන්නට ඇතැයි ඔවුහු සැක පළ කරති.

එසේම නෞකාව පිපිරීමේදී ඇති වූ කම්පනය නිසා මත්ස්‍යන් මුහුදේ ඈතට යන්නට ඇතැයි ද ඔවුහු පවසති.

කෙසේ වෙතත් මේ තත්ත්වය ගැන රාජ්‍ය පාර්ශ්වයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුවූ බවක් දැනගන්නට නැතැයි ද රත්ගම වැල්ලේ ධීවරයෝ ‘ලංකා ටයිම්ස්’ වෙත අදහස් දක්වමින් පැවැසූහ.

  • සටහන – මානෙල් ඩේවිඩ්
  • ඡායාරූපය – ෂබීර් මොහොමඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top