/ Apr 20, 2025

බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක සුමන්තිරන් අනුමත කරයි!

Britain approves sanctions against Sumanthiran

මෙරට විශ්‍රාමලත් හමුදාපතිවරුන් තිදෙනෙකට සහ සන්නද්ධ කණ්ඩායම් නායකයෙකුට එරෙහිව එක්සත් ජනපදය විසින් පැනවූ සම්බාධක පිළිගන්නා බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ලේකම් එම්. ඒ. සුමන්දිරන් පවසයි.

ඔහු x සටහනක් තබමින් පසුගිය දා මේ බව කියා සිටියේ ය.

“ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරුන් සහ පසුව එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව වෙනුවෙන් ක්‍රියාත්මක වන පැරාමිලිටරි කරුණා කණ්ඩායමට නායකත්වය දුන් හිටපු එල්ටීටීඊ මිලිටරි නායකයෙකුද ඇතුළුව අද එක්සත් රාජධානිය විසින් පනවන ලද සම්බාධක අපි සාදරයෙන් පිළිගනිමු,”  යනුවෙන් ඔහු කියා තිබේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වධහිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදුකිරීම වැනි විවිධ උල්ලංඝනයන් සහ අපයෝජනයන් සඳහා වගකිව යුතු පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් එක්සත් රාජධානියේ සංචාරක තහනම් කිරීම් සහ වත්කම් තහනම් කිරීම් ඇතුළු පියවර ගෙන ඇති බව එරට රජය ප්‍රකාශ කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top