අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
පොලිස්පතිවරයා සහ තවත් නිලධාරීන් 8ක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදායි.
මේ දක්වා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට අසමත් වූ අතර මෙම අත්අඩංගුවට ගැනීමේ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්ද ගොනු කර තිබේ.