/ Apr 20, 2025

දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට මෝසමක්

අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ නීතිඥවරු විසින් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම මෝසම මඟින් දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය.

මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද? නැද්ද? යන තීන්දුව අද (17) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ.

වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබා දී තිබුණේ පසුගිය පෙබරවාරි 28 වැනිදායි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top