මට්ටක්කුලිය, ෆර්ගියුෂන් හන්දිය ප්රදේශයේදී ඊයේ (16) රාත්රියේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය අද (17) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මට්ටක්කුලිය ප්රදේශයේම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ රියදුරා ගංජා භාවිත කර සිටි බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබේ.
වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි අදාළ මෝටර් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ත්රීරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක ගැටී බිහිසුණු අනතුරක් සිදුවිය.
මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.





