පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් සිය නිල බලය යොදා ගනිමින් සීමාවකින් තොරව තෙල්ද ලබාගෙන වාහන දෙකක් භාවිතා කර ඇතැයි හෙළිදරව් වී තිබේ.
පාර්ලිමේන්තුව සතු වාහනයක් නිතර නිතර අම්පාර ප්‍රදේශයට ගියේ ඇයිද යන්න සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිටින උක්ත ප්‍රධානියාගේ දියණිය එම විශ්වවිද්‍යාලයේ බැවින් ඇගේ ගමන් බිමන් සඳහා මෙම වාහනය ලබා දී තිබු බවයි.
පාර්ලිමේන්තුව සතු වාහන සම්බන්ධයෙන් සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ නියෝගයෙන් ආරම්භ වී ඇති විමර්ශනයෙන් මේ බැව් හෙළිව ඇති අතර විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මක වේ.