තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද (23) සිදුකිරීමට නියමිත අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණය හමුවට පැමිණ තිබේ.
පසුගිය 09 වනදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හතරවන දිනටත් සලකා බැලූ මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද දිනය දක්වා කල්දැමීය.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණේ ශානි අබේසේකර ද්වේෂ සහගතව කටයුතු කළ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර නොමැති බවයි.






