හිටපු කතානායක වන මහින්ද යාපා අබේවර්ධන වාහන 9ක් භාවිතා කර ඇති බවත් ඒවායේ ඉන්ධන වියදම පමණක් කෝටි දෙකහමාරකට ආසන්න බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (27) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.
හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂද වාහන 6ක් භාවිතා කර ඇති බවත් ඒවායේ ඉන්ධන වියදම රුපියල් කෝටි එකහමාරකට ආසන්න බවද ඔහු වැඩිදුරටත් හෙළිදරව් කළේ ය.
මේ අය කෑම සහ කෑම අමුද්‍රව්‍ය පවා හොරට බිල් දමා ගෙදර ගෙන ගිය බවත්, මේ අය තර්ඩ් ක්ලාස් අයවලුන් බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.
වැය ශීර්ෂ විවාදයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.