අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි රත්තනායක මුදියන්සේලාගේ ගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළේය.
සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණයට භාරදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හම්බන්තොට ලුණු සමාගමට ඇසුරුම් මිලදී ගැනීමේදී රුපියල් 14,300,000 ක් පාඩුවක් රජයට සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි.






