සිය පෙම්වතියට මත්වීමට යමක් දී බලහත්කාරකම් කර එය වීඩියෝ කිරීමේදී විරෝධය දැක්වූ විට ඇයට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් අනුරාධපුරයෙන් වාර්තා වේ.
විසි හැවිරිදි අදාළ තරුණිය මීට මාසයකට පමණ පෙර උපකාරක පන්තියට සහභාගී නොවී සැකකාර තරුණයා සමඟ ලැඟුම්හලකට ගොස් ඇති අතර එහිදී පෙම්වතා විසින් ලබාදුන් කළු පැහැති ගුලියක් කෑමෙන් අනතරුව සිහි මද ගතියක් ඇති වූ බව තරුණිය විසින් ලබාදුන් ප්‍රකාශවල සටහන්ව තිබේ.
කෙසේ වෙතත් ඉන් පසු දිනකදී සිය පෙම්වතා සමඟ ඇති සම්බන්ධය නවත්වන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අදාළ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර අනුරාධපුර නව නගරයේදී බස් රථයක් තුළදී ඔහු තමාට පහරදුන් බවද එම තරුණිය පොලීසිය වෙත ලබාදුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
පොලීසිය පවසා සිටින්නේ එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බවයි.