/ Jul 22, 2026

ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම්ට අදත් ඇප නෑ!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ලේකම් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන එළැඹෙන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම ඔහුට එල්ලවී ඇති චෝදනාව වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top