2023 වසරේ සිට මේ දක්වා නීති විරෝධී ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 715 කට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි අනාවරණය වී තිබේ.
රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී මේ බව අනාවරණය වී තිබුණු අතර යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කුරුවිට මහතා විසින් එම විමර්ශනය පිළිබඳ කරුණු දක්වා ඇත.
2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 ජූනි 25 වන දා පාර්ලිමේන්තුව හමුවේ හෙළිකර සිටි අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද මෙම කරුණට අදාලව වඩාත් විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය ඇතුළු පාර්ශව කිහිපයක් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන ලදී.
විශේෂයෙන්ම අදාල වංචාව සිදුව ඇති කාල පරිච්ඡේදයට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය සහ මුදල් අමාත්‍ය ධූරය හෙබ වූ කාලය ද ඇතුළත්ව තිබීම මෙහිදී විශේෂ කාරණයකි.
උක්ත ඉල්ලීම් පාදක කරගෙන අදාළ මුදල සම්බන්ධයෙන් විමර්ශනයක් කර තිබුණු අතර එහි ප්‍රතිඵලයයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කර තිබෙන්නේ.
එලෙස රටින් පිටකර ඇත්තේ විවිධාකාරයේ නීති විරෝධී ජාවාරම් හරහා උපයා ගන්නා ලද මුදල් බව සඳහන්.
ජාවාරම්කරුවන් මෙම මුදල් රටින් පිට කර ඇත්තේ භාණ්ඩ ආනයනය කරනු ලබන සමාගම් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වන අතර රජයේ සහ පෞද්ගලික බැංකු හරහා, භාණ්ඩ ආනයනය වෙනුවෙන් යැයි පවසමින් මෙම මුදල් රටින් පිටකර තිබුනද, ජාවාරම්කරුවන් විසින් කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නොමැති බවද දැක්වෙයි.
මෙතරම් දැවැන්ත මුදලක් ව්‍යාජ තොරතුරු ලබා දෙමින් රටින් පිටව ඇත්නම්, එය බැංකු පද්ධතියේත්, රේගුවේත්, මුදල් අමාත්‍යංයේ ආනයන අපනයන දෙපාර්තමේන්තුවේත් දුර්වලතා මත සිදුව තිබෙන්නෙක් වන හෙයින් මේ සියළු කරුණු පිළිබදව ඊයේ දිනයේ දී රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අවධානය යොමු ව ඇති අතර ජාවාරම්කරුවන්ට වැට බැදීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව එහිදී පුළුල් ලෙස සාකච්ජා කර තිබේ.






