රුපියල් මිලියන 450ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 33කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු දික්වැල්ල ඌරුගමුව ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදුකරන ලද වැටලීමක දී දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 106ක් අඩංගු පැකට් 29ක් සොයාගෙන ඇත.
අදාළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, හරක් කටාගේ මත්ද්‍රව්‍ය හුවමාරු කරන ‘රන් මල්ලි’ නැමැත්තා විසින් එම මත්ද්‍රව්‍ය ඔහුට ලබාදී ඇති බවයි.
රන් මල්ලි නැමැත්තා සැකකරු සමග එකම පාසලක, එකම පන්තියේ අධ්‍යාපනය හදරා ඇති අතර ඔවුන් දෙදෙනා සමීප මිතුරන් බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරයි.