හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය බැංකු ගිණුම් කිහිපයක් සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙසට කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
අරගලකරුවන් විසින් ගිනි තැබූ නිවසට වන්දි ලෙස රජයෙන් හිමි වූ රුපියල් ලක්ෂ 959 ක මුදල තැන්පත් කර ඇති බැංකු ගිණුම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප බැරවන ඔහුට අයත් පාර්ලිමේන්තු බැංකු ශාඛාවේ ජංගම ගිණුමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙසටයි හිටපු ඇමති රඹුක්වැල්ල අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණේ.
කෙසේ වෙතත් කොළඹ මහාධිකරණය විසින් ඔහු කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.
අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීම මත කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍යවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් අත්හිටුවීමට නියෝග කළේය.