/ Mar 22, 2025

මත්ද්‍රව්‍ය නිසා පොලිසියෙන් නෙරපූ අය මෙන්න!

weligama police oic

ඉකුත් මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනා මත සේවයෙන් ඉවත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කර සිටියේ පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ ලැයිස්තුවක් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා ලබාගනිමින් විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

ඉදිරියේදීද මෙම ක්‍රියාවලිය සිදු කරමින් පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top