/ Mar 22, 2025

යෝෂිතට – ඩේසි ආච්චිට වැඩ වැරදේ : නඩු පැවරේ

යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ‌ඩේසි ෆොරස්ට් හට මුදල් විශුද්ධිකරණය යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.

ඒ 2016 වසරේ සිට සිදුකළ විමර්ශන වලට අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවිනි.

එහිදී මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුම් වශයෙන් පවත්වා ගෙන ගොස් ඇති බව අනාවරණය වීම හේතුවෙන් නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් හෙවත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව අද (11) දින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් ට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top