/ Oct 09, 2026

මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂිට ජාත්‍යන්තර මාධ්‍ය වගකීමක්

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ දේශගුණික අර්බුදය සම්බන්ධයෙන් සොයාබැලීමේ ක්‍රියාකාරී කමිටුවට ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක සභික රේඛා නිලුක්ෂි හේරත් මහත්මිය පත්කර තිබේ.

ඔයෙට් පැට්රික් (දකුණු සූඩානය), සමීරා ද කැස්ත්‍රෝ (බ්‍රසීලය), ඩෙනිස් ම්බාමා(කොංගෝ), චාල්ස් සේල්(වනුවාටු), ඇඩි්‍රයානා හුර්තාඩෝ(කොලොම්බියාව) හා අබ්දෙල්ලාහි චෙයික්(මොරිටේනියාව) එම කමිටුව නියෝජනය කරන සෙසු සාමාජිකයෝ වෙති.
විමර්ශනාත්මක මාධ්‍යවේදයේ නියුතු රේඛා නිලුක්ෂි හේරත් අනිද්දා පුවත්පත් වෙබ් අඩවි සංස්කාරක වශයෙන් ද කටයුතු කරයි.
කාබන් විමෝචනය ශුන්‍ය මට්ටමකට ගෙන යන ආර්ථිකයක් නිර්මාණය කිරීමේදී බලපෑමට ලක්වන සියලු කම්කරුවන් සඳහා සාධාරණ පරිවර්තනයක් ගොඩනැගීමේ සන්නිවේදන භූමිකාව මෙම කමිටුවට පැවරේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව සාධාරණ පරිවර්තනයක් යනු සියලු පාර්ශ්වයන්ට හැකි තරම් සාධාරණ සියලු දෙනා ඇතුළත් කරගන්නා පරිසර හිතකාමී ආර්ථික වෙනසක් බව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය පවසයි.

දේශගුණික අර්බුදය යනු පාරිසර්ක ගැටලුවක් පමණක් නොව ජනමාධ්‍ය නිදහස, නිවැරැදි තොරතුරු, කම්කරු අයිතිවාසිකම් සහ රැකියා සුරත්ෂිතභාවය සම්බන්ධ ගැටලුවක් බව ද එම සම්මේලනය ක්‍රියාකාරී කමිටුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් අවධාරණය කරයි.

මානෙල් ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top