ඉතිහාසයේ පළමුවරට අද (05) දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ආහාර සඳහා රුපියල් 2,000ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමීමට ඉකුත් 23 වෙනිදා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කෙරුණු අතර නව මිල ගණන් මෙම මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.
ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් ලෙසත් දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් ලෙසත් තේ එකක මිල රුපියල් 200ක් ලෙසත් ඉහළ දමා තිබේ.