දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමට හේතුවූ සැබෑ ගැටලුව කුමක්දැයි යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය පසුව එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
විදුලිය විසන්ධිවීමට ප්‍රධානතම හේතුව සූර්ය බල විදුලි උත්පාදනය වැඩි නොකිරීම සහ අඩු ඉල්ලුම් කාලවේලාවන් කළමනාකරණය නොකරන දුර්වල පාලනයක් පැවතීම බව විපක්ෂ නායකවරයා සිය පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇත.