මෙරට ගීත සාහිත්‍ය තම ගීයෙන් සුපෝෂිත කළ ප්‍රවීණ ගායිකා අමිතා වැදිසිංහ දිවි ගමන නිමා කර තිබේ.
ඇගේ උපන් ගම වූයේ කොළඹ-කිරුළපනයි. නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් සිප් හැදෑරූ අමිතා වැදිසිංහ පාසල් සමයේ සිට ම ගායනය සහ රංගනයට යොමු වූවා ය. ප්‍රේමකුමාර එපිටවලයන්ගෙන් නර්තනයද හැදෑරුවාය.
ඇය රන්මුතු දූව සිනමාපටයේ සහය ගායනයෙන් ප්‍රසිද්ධ ගායනයට අත්පොත් තැබූ අතර මිල්ටන් පෙරේරා, නාරද දිසාසේකර ආදී ක්ෂේත්රයේ ප්‍රවීණයන් සමඟ යුග ගී ගායනයට පිවිසුණාය.
රජයේ සංගීත විද්‍යාලයෙන් ද සංගීතය හැදෑරූ අමිතාගේ සමකාලීනයන් වූයේ නන්දා මාලනී, වික්ටර් රත්නායක, අමරසිරි පීරිස්, සනත් නන්දසිරි වැනි අයයි.
ගුරුවරියක ලෙස ද රජයේ පාසල් සංගීත අධ්යක්ෂවරියක් ලෙසද ඇය කටයුතු කර විශ්‍රාම ලැබුවාය.
ඇගේ සුභාවිත ගීත අතර රන් දොරින් එන්න, අනෝතත්ත විල, බැද්ද පුරා, කන්ද උඩින්, මේ උදාර, විලක නෙලුම්, පින්න මල් පිපී ආදී ගීත මහත් හරසරට ලක් වුණා.