/ Mar 22, 2025

සංජීව ඝාතනය ගැන තොරතුරකට පොලිසියෙන් මුදල්!

ISHARA SEWWANDI - SANJEEWA MURDERER

කොළඹ අධිකරණ සංකීර්ණය තුළදී ඊයේ (19) වෙඩි තබා ඝාතනය කළ පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතනයට අනුබල දුන් කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) පරීක්ෂණ පවත්වනු ලැබේ.

ඝාතනයට සම්බන්ධ කාන්තාව මීගමුව කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැති තරුණියක් බවට හඳුනාගෙන ඇත.

තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරමින් අවශ්‍ය කාන්තාව සොයා ගැනීමට උපකාර කරන්නන් සඳහා මුදල් ත්‍යාගයක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

අවශ්‍ය සැකකරු පිළිබඳ තොරතුරු 071 – 8591727 හෝ 071 – 8591735 යන දුරකථන අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවට දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top