/ Mar 12, 2025

මිද්දෙණිය වෙඩික්කරු කොටු වෙයි

MIDDENIYA GUN MAN ARRESTED

මිද්දෙණියේදී අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනාට මරු කැඳවමින් මාරක වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය කුඩා පුතු සහ දියණිය සමඟ වෙනත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී කජ්ජා නැමැති පුද්ගලයාට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩිතැබීමෙන් කජ්ජා සහ ඔහුගේ සිඟිති දියණිය එම ස්ථානයේදීම මරු මුවට පත් වූ අතර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ කුඩා පුතු රෝඑහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම ම්ලේච්ඡ අපරාධයට සම්බන්ධ සැකකාර තුවක්කුකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top