/ Jul 30, 2026

සුවසැරියෙන් අලුත් සේවාවක්!

1990 සුවසැරිය සේවාව මඟින් අලුත් සේවාවක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් කඩිනමින් සහ කාර්යක්ෂමව ප්‍රවේශ වීම සඳහා එම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව යතුරු පැදි සේවාවක් හදුන්වා දීමට නියමිතයි.

අධික රථ වාහන තදබදයක් සහිත නාගරික ප්‍රදේශවල සහ මාර්ග අවහිරතා සහිත ප්‍රදේශවල මෙම යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

ගිලන් රථයක් ළඟාවීමට පෙර රෝගියා වෙත කඩිනමින් ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය පහසුකම් ලබාදීම මෙම නව වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ වන අතර
මේ සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් යෙදවීමට නියමිත අතර මූලික ඖෂධ සහ වෛද්‍ය උපකරණ සහිත යතුරුපැදි ලබාදීමට නියමිතව තිබේ.

මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ඉලක්ක කරගිමින් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top