කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනය හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීම නැවත දැනුම්දෙන තුරු තහනම් කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ වනවිටත් එම ප්‍රදේශවලින් ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් සිටින අයට ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙසද දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම තහනම නැවත දැනුම්දෙන තුරු බලාත්මක වන බවත් ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දැනුම් දෙන අතර උක්ත මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකිය.






