/ Apr 20, 2025

තවත් සාහසික ඝාතනයක්! සහෝදරයන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි

ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 23 හැවිරිදි සහ 24 හැවිරිදි සහෝදරයින් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

ගැටුම අතරතුර තියුණු ආයුධයකින් සිදුකළ පහරදීම් හේතුවෙන් තුවාල ලැබූ සහෝදරයන් දෙදෙනා කොළඹ ජාතික රෝහල ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

කෙසේ වෙතත් ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top