වල්ලාපට්ටා වගාවේ ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බව පවසා ජනතා මුදල් රුපියල් කෝටි ගණනින් වංචා කළ බවට චෝදනා ලැබූ “ස්මාට් වින්” නම් ආයතනයේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු මාර්තු 17 දින දක්වා රක්ෂිත බන්ධානාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
මෙම සමාගම කුරුණෑගල ක්‍රියාත්මක වූවකි. ඔවුන් විසින් ස්මාට් වින් නමින් පවත්වාගෙන ගිය වෙබ් අඩවිය සම්බන්ධයෙන් ද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් පූර්ණ වාර්තාවක් කැඳවන ලෙස අධිකරණ නියෝගයේ සඳහන් වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ වංචා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කියා සිටියේ වල්ලාපට්ටා ව්‍යාපෘතියක මුවාවෙන් මොවුන් පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බවයි.
ජනතා මුදල් කෝටි ගණන් ලබාගෙන එයින් කෝටි තුන බැගින් කොමිස් ලබාගෙන විත්තිකරුවන් ඇතුළු එහි නිලධාරීන් 22ක් ජනතා මුදලින් විදේශ සංචාරද ගොස් තිබේ.