ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදු වූ බව කියන අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු පදනම් කරගනිමින්, 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තිය යටතේ නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැප්තැම්බර් 16 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) නියෝග කර තිබේ.
මෙම නදුකරයට අදාළව සැකකරුවෙක් ලෙස නම්කර රක්ෂිත බන්ධනාගාර ගතවී ඇප ලබා සිටි ශ්‍රී ලන්කන් ගුවන් සංගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක දී මියගොස් සිටියදී සිරුර සොයා ගන්නා ලදී.






