ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ හෙට (26) අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සමාජ මාධ්‍ය සහ සමහර වෙබ් අඩවිවල පළ වී තිබේ.
හෙට (26) දිනයේ නාමල් මන්ත්‍රීවරයාට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන්නැයි දන්වා ඇති අතර ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව කෙරෙන පරීක්ෂණයකට අදාළව බව කියැවේ.
උක්ත සටහන්වල පළව ඇත්තේ, එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.