/ Jun 23, 2026

සිංහ තැන්පතු නීතිවිරෝධීයි : මහ බැංකු විමර්ශනයෙන් හෙළිවේ

සිංහ කැපිටල් ඉන්වෙස්මෙන්ට් ලිමිටඩ් සමාගම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් මහජනතාවගෙන් තැන්පතු භාරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව අදාළ උල්ලංඝනය සඳහා වගකිව යුතු පාර්ශ්ව ලෙස එම සමාගම සහ අදාළ කාල පරිච්ඡේදයේ දී එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පුද්ගලයින් හඳුනාගෙන ඇත.

ඒ අනුව මහ බැංකුව මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමෙන් වහාම වැළකී සිටින ලෙස සිංහ කැපිටල් ඉන්වෙස්මෙන්ට් ලිමිටඩ් සමාගම සහ අදාළ අධ්‍යක්ෂවරුන් වෙත නියෝග කර ඇත.

තැන්පතු භාරගැනීම සඳහා නීත්‍යනුකූල අවසරය නොමැති සමාගම් සමඟ ගනුදෙනු කිරීමේ දී සැලකිලිමත් ව කටයුතු කරන ලෙසත් කිසියම් මූල්‍ය ගනුදෙනුවක් සිදු කිරීමට පෙර අදාළ ආයතනය නිසි පරිදි නියාමනය වන බව තහවුරු කර ගන්නා ලෙසත් මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මානෙල් ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top