/ Jul 10, 2026

මීගමුව බන්ධනාගර ගැටුම: මියගිය 28න් 24ක මරණ පරීක්ෂණ අවසන් – 9ක් අමානුෂික පහරදීම්.14ක් වෙඩි වැදීම්

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය 28 දෙනෙකුගෙන් 24 දෙනෙකු සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සිදුකර අවසන් කර ඇතැයි වාර්තා වෙයි.

එසේ මරණ පරීක්ෂණ සිදු කරන ලද 24 දෙනාගෙන් 14 දෙනෙකුගේම මරණ වෙඩි වැදීමෙන් වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණ බව අනාවරණය වී තිබේ.

තවත් මරණ නමයක්, අමානුෂික ලෙස ලෙස සිදුකරන ලද පහර දීම් හේතුවෙන් ඇති වූ මරණීය තුවාල මත එම මරණ සිදුව ඇත.

විශේෂයෙන්ම ගැටුමේ දී මිය ගිය බන්ධනාගාර නිළධාරීන් කුරිරු ශාරීරික වද බන්දනයන්ට ලක්ව ඇති බව මරණ පරීක්ෂණයේ දී තහවුරු වී තිබේ.

තවත් එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇත.

මරණ පරීක්ෂණ සිදු කර තිබෙන්නේ වෛද්‍ය සුජීව වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top