/ Sep 11, 2026

ඉරාන ඇමරිකා ගැටුම මැද තෙල් මිල වේගයෙන් ඉහළට!

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

ඒ අනුව අද (11) උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් වර්ගයක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.

පසුගිය ජූලි 24 වැනිදායින් පසු ඉකුත් 9වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසුකළ අතර, එතැන් සිට නොකඩවා මෙලෙස තෙල් මිල ඉහළ යමින් ඇත.

බ්‍රෙන්ට් තෙල් මිල ඉහළ යාමට සමගාමීව අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 103.34 දක්වා ඉහළ ගොස් ඇති අතර මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.48 ක් ලෙස සටහන් වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top