/ Aug 28, 2026

අන්තර්ජාල ලිංගික වෙළෙඳාම: අයෙක් බෙලිඅත්තෙන් මාට්ටු!

කාන්තාවන්ගේ හා ළමයින්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් සමාජ මාධ්‍යයේ පළ කරමින් Facebook කණ්ඩායම් සහ පිටු පවත්වාගෙන ගිය බව කියන තරුණයෙකු බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (27) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු භාවිත කළ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි අන්තර්ගත දත්ත සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මානෙල් ඩේවිඩ්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top