/ Mar 13, 2025

පූජකයෝ නිසා දියණියට මරණය උරුම කළ දෙමව්පියන් හිරේට

මීට වසර 3කට පෙර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ සිය නිවසේදී ඉන්සියුලින් එන්නත ලබාදීම නැවතීම හේතුවෙන් සිය 8 හැවිරිදි දියණියට වේදනාකාරී මරණයක් උරුමකර දුන් දෙමව්පියන්ට වසර 14ක සිර දඬුවමක් ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් නියම කර තිබේ.

දියවැඩියා රෝගයේ පළවැනි අදියරේ අසනීප තත්ත්වයකින් පෙළුණු 8 හැවිරිදි එළිසබත් ස්ට්‍රබ්ස් නැමැති මෙම දැරිය හට ලබාදෙමින් තිබූ ඉන්සියුලින් එන්නත ඉකුත් 2022 වසරේදී ජනවාරි මාසයේදී ක්‍රිස්තියානි පූජක කණ්ඩායමකගේ උපදෙස් මත ලබාදීම නතර කළ 53 හැවිරිදි ජේසන් රිචර්ඩ් ස්ට්‍රබ්ස් සහ 49 හැවිරිදි කේරි එළිසබත් ස්ට්‍රබ්ස් හට මෙලෙස මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ වසර 14ක සිරදඬුවම් නියම කොට ඇත.

අදාළ දැරියට වේදනාකාරී මරණයක් උරුම කරදීම සඳහා ඉන්සියුලින් එන්නත ලබාදීම නතර කරන ලෙස ඇයගේ දෙමව්පියන්ට බලකළ පූජකයන් 12 දෙනෙකුටද වසර 14 බැගින් වූ සිර දඬුවම් ඔස්ට්‍රේලියානු ධිකරණය විසින් නියම කර ඇතැයි සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top