ඊයේ (20) දිනයේදී දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තංගල්ල ධීවර වරායට ගෙනා බහුදින ධීවර යාත්‍රාවේ තිබුණු අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයට අදාළව අත්අඩංගුවට ගැනුණු සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයතු කර තිබේ.
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව ප්‍රකාශ කර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද පක්ෂය කටයුතු කර ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම ධීවර යාත්‍රාව සොයාගනු ලැබූ අතර එම යාත්‍රවේ තිබී මලු පහක පැකට් සියයක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ මලු 13ක පැකට් 200ක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබුණි.
මේ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තිබී රිවෝල් වරයක්, පිස්තෝලයක් හා මැගසින් දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.





