කුරුදුවත්ත පොලිස් බල ප්‍රදේශයේ නිවසක සේප්පුවක් බිඳ සොරාගන්නා ලද තිබුණු රු.කෝටි 5ක් වැඩි වටිනාකමකින් යුත් රත්රන් ඇතුළු භාණ්ඩ සොර ගන්නා ලද පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
නිවැසියන් විදේශ ගතව සිටි අවස්ථාවක එම සොරකම සිදුව ඇති අතර නිවසේ සේවිකාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන සිදුකර ඇත.
විමර්ශනයේදී තහවුරු වී ඇත්තේ නිවසට පිටස්තර පුද්ගලයින් කිසිවෙකු ඇතුළු වී නැති බවයි. ඒ අනුව තවදුරටත් විමර්ශන සිදුකිරීමේදී තහවුරු වී ඇත්තේ එම නිවසේ වසර 17ක් රියදුරෙක් වශයෙන් සේවය කර ඇති 48 හැවිරිදි පුද්ගලයකු විසින් එම සොරකම සිදුකර ඇති බවයි.
මෙම සැකකරු නිවසේ හිමිකරුගේ රථයෙන්ම නිවසේ තිබූ සේප්පුව පිටින් සොරකම් කර රැගෙන ගොස් තිබෙන අතර එම සේප්පුවේ තිබී කෝටි 5ක් වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ, දියමන්ති මාල, විදේශ මුදල් සහ ඔරලෝසු සොරාගෙන ඇති බව සඳහන්.
සැකකරු අද දින අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි






